බැදුම්කර ගනුදෙනුවට අදාළ වෝහාරික විගණනයේ සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත ලබා දිය යුතු බව කතානායකවරයා විසින්
ඊයේ ප්‍රකාශ කළ ද අද වන විට එහි කොටසක් පමණක් ලබා දී ඇති බවත්,
එය එසේවූයේ ඇයිද යන්න පිළිබඳ සැක මතුවන බවත්, විපක්ෂයේ මන්ත්‍රිවරුන්
අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

නියෝජ්‍ය කතානායකවරයා වෙත එම කාරණය පළමු වරට ඉදිරිපත් කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයායි.

මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ අදාළ වාර්තාව කතානායකවරයා සතුව පවතින බැවින්, එහි සමස්තය නිකුත් කිරීමේ වගකීම ද කතානායකවරයා වෙතම පැවරෙන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා
මෙම කාරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අතර ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ මෙම සම්පූර්ණ පිටපත් ලබාදීමේ යම් පමාවක් ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම වෝහාරික විගණනයේ වාර්තාව පිළිබඳ දෙදින විවාදයක් සඳහා කාලය වෙන් කිරීමට පියවර ගෙන ඇති බව ද නියෝජ්‍ය කතානායකවරයා පැවසුවා.

LEAVE A REPLY