සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

ඊයේ දිනය නිමාවන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 30ක් ලබා සිටියා.

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම අත්හිටුවීමට අද තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 515ක් ලබා සිටියදීයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කළ ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 200ක් රැස් කළේ සිය පළමු ද්විත්ව ශතකය වාර්තා කරමින්.

මිනිත්තු 600ක් කඩුල්ලේ රැදී සිටි ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 16ක් ඇතුළත්.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම ඉනිමක පරාජයකින් ගැලවීමටනම් තවත් ලකුණු 127ක් ලබා ගත යුතුයි.

LEAVE A REPLY