ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයකදී කඩුළු ත්‍රිත්වයක් දවාගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමට පාකිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ෂා සමත් වුණා. ඒ බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදීයි.

තරගයේ තුන්වන දිනය වූ ඊයේ දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය , කඩුළු 3ක් දැවී ලකුණු 342ක් රැස් කරගෙන සිටියා.
අනතුරුව සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ නජ්මුල් හුසේන්, ටයිජුල් ඉස්ලාම් සහ මහමදුල්ලා රියාද් දවාගනිමින් ටෙස්ට් තරගයකදී කඩුළු ත්‍රිත්වයක් දවාගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස නසීම් ෂා වාර්තා අතරට එක්වුනා.

මේ අතර යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ඉන්දීය වයස අවුරුදු 19 පහළ කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 03කින් පරාජය කරමින්.

ඉන්දීය කණ්ඩායම පන්දු වාර 47යි පන්දු 02ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 177ක් පමණයි.

එහිදී ලකුණු 178ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් බංග්ලාදේශ වයස අවුරුදු 19 පහළ කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට යොවුන් ලෝක කුසලානය තමන් සතු කරගත්තා.

ඉන්දියාව මීට පෙර අවස්ථා 04කදී යොවුන් ලෝක කුසලාන ජයග්‍රහණය කර තිඛෙනවා.

LEAVE A REPLY