විවිධ මතවාද සමාජ ගත වුවද මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදුජන පෙරමුණ එකම පෙරමුණකට ඒකරාශී වීම කිසිවෙකුට හෝ වැලැක්විය නොහැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයී.

මේ අතර අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසන්නේ ඉදිරි මහ මැතිවරණයේදී සලකුණු දෙකකින් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ තනි ලකුණකින් දිස්ත්‍රික්ක 22 ම තරඟ කිරීම වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට බාධාවක් බවයි. දිස්ත්‍රික්ක 15 කට පමණ එක් සලකුණකින් සහ සෙසු දිස්ත්‍රික්ක වලට වෙනත් ලකුණකින් ඉදිරිපත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂාව බවද කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී සුමතිපාල මහතා පැවැසුවා.

පොහොට්ටුව සලකුණ මේ වන විට ඇති ජනප්‍රියම සලකුණ නිසා එම සලකුණ මැතිවරණයට යොදා ගැනීම දේශපාලනිකව බුද්ධිමත් ක්‍රියාවක් බවද ඔහු කියා සිටියා.

LEAVE A REPLY