රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

අද අලුයම කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඔහු දිවයිනට පැමිණ ඇති බව සඳහන්.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවද වාර්තා වනවා.

හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

අධිකරණය මඟහැර සිටි ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, ජාත්‍යන්තර පොලිසිය වෙත මීට වසර කිහිපයකට පෙර වරෙන්තු පවා නිකුත් කර තිබුණා.

ඒ අතර 2018 වසරේ පෙබරවාරි 04 වැනිදා උදෑසන ඩුබායි ගුවන්තොටුපලේදී ඔහු අත්අඩංගුවට ගත් අතර, නමුත් ඩුබායි බලධාරීන් ඔහු මුදාහැර තිබුණේ ශ්‍රීලංකාව භාරදීමට අවශ්‍ය නිත්‍යානුකූල ලියකියවිලි තමන්ට ලැබී නොමැති වීම හේතුවෙන්.

LEAVE A REPLY