එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානයකින් තරග කරනවාද, කුමන ලකුණක් යටතේ තරග කරනවාද යන්න පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පසුගියදා පැවැති විශේෂ හමුවකදී මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජිත් මද්දුම බණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, අකිල විරාජ් කාරියවසම්, ජෝන් අමරතුංග, රවි කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, නවීන් දිසානායක යන මහත්වරුන් එම කමිටුවට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද පැවැත්වීමට නියමිතව තිබූ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම එළැඹෙන සතියේ පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා.

මෙම හමුවට ප්‍රථම එක්සත් ජතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ විශේෂ රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.

අලියා ලකුණෙන් ඉදිරිපත් නොවුණහොත් හංසයා ලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට වූ යෝජනාවක්ද මෙහිදී ඉදිරිපත් වී ඇතැයි සඳහන්.

LEAVE A REPLY