WUHAN, CHINA - JANUARY 17: WUHAN, CHINA - JANUARY 17: (CHINA OUT) Medical staff transfer patients to Jin Yintan hospital on January 17, 2020 in Wuhan, Hubei, China. Local authorities have confirmed that a second person in the city has died of a pneumonia-like virus since the outbreak started in December. (Photo by Getty Images)

කොවිඩ් නයින්ටීන් වෛරසය වැලඳුණ රෝගීන් චීන රජය විසින් ඝාතනය කරන බව දැක්වෙන වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වන බවත් එම වීඩියෝ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් චීන රජය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

මෙම සිදුවීම චීනයේ මානවීය ගුණයට එල්ලවූ ප්‍රහාරයක් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

වෛරසය සමග සටන් කිරීමට චීන රජය උපරිම සහ ඉහළම තීන්දු ගෙන ඇති බවත් රට පුරා එකොළොස් දහසකට අධික සෞඛ්‍ය වෘත්තිකයන් අදටත් සේවයේ නියුතු බවත් අදාළ නිවේදනයේ සඳහන්.

චීන රජය දින 10ක් ඇතුළත රෝහල් දෙකක් ඉදිකළ අතර අමෙරිකානු ඩොලර් මිලියන 10ක් රෝගය වැළැක්වීමට වෙන් කළ බවයි චීන බලධාරීන් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY