පාර්ලිමේන්තු මැතිවරණය ආසන්න වශයෙන් අප්‍රේල් මස 25 හෝ 27, 28 හෝ 29 යන දිනවල පැවැත්වීමට හැකි බවට විශ්වාස කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එම දිනවලදී ඡන්ද විමසීම පැවැත්වීමට නම් මාර්තු මස 01 දා හෝ 02 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්‍යාවශ්‍ය බවයි. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මේ බව කියා සිටියා.

LEAVE A REPLY