චීනයෙන් ආරම්භ වූ කොවිඩ් නයින්ටීන් වෛරසය ශීඝ්‍රයෙන් ලොව පුරා පැතිර යාමත් සමග බොහෝදෙනාගේ අවධානය ඒ කෙරෙහි යොමුවී තිබෙනවා.

බාබා වැන්ගා නමින් ලොව ප්‍රකට දෑස් නොපෙනෙන අනාවැකිකාරිය 2020 වසර සඳහා ප්‍රකාශයට පත් කර තිබූ අනාවැකි අතර එක් අනාවැකියක් වූයේ 2020 වසරේදී මුළුමහත් ආසියාවම මහත් ව්‍යසනයකට මෙන්ම මහත් කැලඹීමකට පත්වන බවයි.

ආසියාවේ විශාල විනාශයක් වන බවත් ජනතාව මහත් පීඩාවකට, කරදරයකට පත්වනු ඇති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම, මේ තුළින් ජන විඥානයට මහත් බලපෑමක් ඇති කරන අතර, ජනතාවගේ හොඳ සිහිය පවා අහිමි වීමට තරම් තත්ත්වය බරපතළ වන බවත් බාබා වැන්ගා ප්‍රකාශ කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, ඇය එලෙස පවසා ඇත්තේ, මේ දිනවල පැතිර යන වසංගත වෛරස් තත්ත්වය පිළිබඳ බවයි බොහෝ දෙනා මත පළ කරන්නේ.

LEAVE A REPLY