මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල අංශ වෙත උපදෙස් ලබාදුන්නා. පළමු අදියරේ වැඩ අවසන් කර ඇති මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසි ලෙස නිම කර විවෘත කළ යුතු බවත්, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්, පොතුහැර සිට ගලගෙදර දක්වාත් වූ කොටස් කඩිනමින් නිම කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා. ඒ මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදීයී.

මේ අතර ඉංගිරියේ සිට රත්නපුර දක්වා කි.මි 76ක මාර්ගය කඩිනමින් ඉදිකර ජාතික අධිවේගි මාර්ග පද්ධතියට එක් කිරීම තවත් සැලසුමක්. මහනුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කර අධික මාර්ගද තදබදයට විසඳුම් දීම ඉතා වැදගත් කාරණයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ගාලු පාරේ සහ කඩුවෙල, හයිලෙවල් සහ පිළියන්දල මාර්ගවල කොළඹ දෙසට උදේ සවස පවතින වාහන තදබදයට විසඳුම් සෙවීම කඩිනම් කිරීමට ද කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවද ජනාධිපතිවරයා ඉදිරිපත් කළ තවත් යෝජනාවක්. අධික තදබදයක් ඇති වන ස්ථාන හඳුනාගෙන ගුවන් පාලම් සහ උමං පිවිසුම් ඉදි කිරීමටත් මෙහිදී යෝජනා වී තිබෙනවා.

LEAVE A REPLY