දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන ක්‍රියාවලියේ නිරතව සිටින විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු 33 දෙනා මෙම සතිය ඇතුළතදී ඥාතීන්ට භාරදීමට හැකියාව ඇති බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ වන විට සිසුන් සියලූ දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔවුන්ගේ නිරෝධායන කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවත් යුද හමුදාපතිවරයා කියා සිටියා.

යුද හමුදා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මෙම පිරිසට අවශ්‍ය නිරෝධායන කටයුතු සිදුකරනු ලබනවා.

මේ අතර අදාළ සිසුන් ඇතුළු පිරිස සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව ජනාධිපති කාර්යාලය සඳහන් කළා.

LEAVE A REPLY