කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඞ්ගේ පියා ඇතුළු හය දෙනා ලබන 28 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දෙමටගොඩ ප්‍රදේශයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ත්‍රස්වාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කළ අතර මුල්වරට අධිකරණයට ඉදිරිපත් කළේ පසුගිය 22 වැනි දායි.

LEAVE A REPLY