මෙම වසරේ ගතවූ මාස එකහමාරක කාලයේ දී තත්ත්වයෙන් බාල බෙහෙත්, එන්නත් හා සාන්ද්‍රණ වර්ග 13 ක් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පෙන්වා දෙනවා.

මෙලෙස භාවිතයෙන් ඉවත් කරන ලද බෙහෙත් හා එන්නත් වර්ග අතර දරුණු බැක්ටීරියා ආසාදනයන් සඳහා ලබාදෙන ප්‍රතිජීවක එන්නතක් වන වැන්කෝමයිසින් මිලිග්‍රෑම් 500 එන්නත්, හයිපොටර්මික් මිලිලීටර් 50 සිරින්ජර්, වෝෆරින් සෝඩියම් මිලිග්‍රෑම් පහේ පෙති සහ ට්‍රැකියෝස්ටෝමි මිලිමීටර් 7යි දශම 5 ටියුබ් වන බව සඳහන්.

මෙම තත්ත්වයෙන් බාල බෙහෙත්, එන්නත් හා සාන්ද්‍රණ ඛාණ්ඩ සියලූ තොග රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශ අධ්‍යක්ෂවරයා විසින් සියලූ රජයේ රෝහල් වෙත දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY