වතු කම්කරුවන්ගේ දෛනික වැටුප මාර්තු මාසයේ සිට රුපියල් 1000/- ක් දක්වා ඉහළ දමන බවත්, ඒ සදහා වු අවබෝධතා ගිවිසුම්වලට වතු සමාගම් සමග අත්සන් තැබීමට නියමිත බවත් ප්‍රජා සංවර්ධන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ආගරපතන, ඩයගම, ප්‍රදේශයේ පැවැති උත්සවයකදීයී.

මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශය මගින් මුදල් ප්‍රතිපාදන වෙන් කොට ඉඳි කරන ලද ඩයගම, නට්බෝන් දෙමළ විදුහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා.

එහිදි අදහස් දැක්වූ ඇමතිවරයා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ගේ දිනක වැටුප වැඩි කිරීමට කටයුතු කර ඇති බවයි.

පසුගිය රජයේ වතුකරයේ සිටි ඇමැතිවරුන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන බවට පොරොන්දු ලබාදෙමින් ඔවුන් මුලා කළ බවද ආරුමුගම් තොන්ඩමාන් ඇමැතිවරයා චෝදනා කළා.

LEAVE A REPLY