ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර ඇති විරසකය වහා නැවතිය යුතු බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂයේ ප්‍රබලයන්ට දැනුම් දී තිබෙනවා.

මේ අතර ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ද ‘දෑවැදි ප්‍රශ්න ඇති වූ පමණින් කසාදය කැඩීමට නොහැකි බවයි.

පළමු ගමන හොඳින් ගියා සේම දෙවන ගමන ද හොඳින් යාම තම අරමුණ බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව පක්ෂ දෙක අතර එකඟතා ඉදිරියටත් පවතින අතර මහ මැතිවරණයේදී එක්ව තරග කරන බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව පක්ෂ දෙක වෙන්ව තරග කළ යුතු බවට අදහස් පළ කළ පොහොට්ටුවේ අමාත්‍යවරු මේ වනවිට ඒ සම්බන්ධයෙන් අදහස් පළ නොකිරීම විශේෂත්වයක්.

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකට එක්ව සන්ධානයකින් තරගවදින්නේ නම් එහි ප්‍රධාන තනතුරු සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පත් කළ යුතු බව ඔවුන්ගේ නව මාතෘකාව බවට පත්ව තිබෙනවා.

LEAVE A REPLY