එක්සත් ජාතික පක්‍ෂය තුළ උද්ගත වී ඇති අර්බුදය තවදුරටත් බලවත් වෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ඔහුගේ නියෝජිතයින් අවධාරණය කර තිබෙන්නේ අද සිට සිට මැතිවරණ මෙහෙයුම් කටයුතු සමඟි ජන බලවේගය යටතේ ආරම්භ කරන බවයි.

අලියා ලකුණ නීත්‍යානුකූලව ලබා නොදෙන්නේනම් හදවත ලකුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත්, ඒ පිළිබඳ අවසන් තීරණය අද දිනයේ ප්‍රකාශයට පත්කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ මහතා සඳහන් කළා.

මේ අතර හදවත හෝ අලියා ලකුණ යොදා ගැනීම සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇති වුවහොත් හංසයා ලකුණින් සමඟි ජන බලවේගය මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන්ද අවදානය යොමු වී තිබෙනවා.

එමෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙලෙස අදහස් පලකළා.

LEAVE A REPLY