බීජිං අගනුවරට ඇතුළුවන සියලූ දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ඉදිරිපත් විය යුතු බව චීනය පවසනවාග

රට තුළ තවදුරටත් පැතිර යන කෝවිඞ් නයින්ටීන් වෛරසය හේතුවෙන් චීන රජය මෙම තීරණය ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව නව අවුරුදු නිවාඩුවට පිටතට ගොස් සිටියේ නම් යළි අගනුවරට පැමිණීමේදී ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට හෝ නිරෝධායන කටයුතු සිදුකරන මධ්‍යස්ථානයක් වෙත යොමු වන ලෙසද බලධාරීන් ඉල්ලීමක් කර ඇතැයි සඳහන්.

මේ අතර කෝවිඞ් නයින්ටීන් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 1523 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයෙන් පමණක් චීනයෙන් මරණ 143 ක් වාර්තා වූ අතර, සමස්ථ ආසාධිතයින්ගේ සංඛ්‍යාව වාර්තා වන්නේ 67,100 ක් ලෙසයි.

LEAVE A REPLY