2020 වසරේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග සදහා අයදුම් කිරීමේදී ඔන්ලයින් ක්‍රමය හදුන්වාදෙන බව අධ්‍යාපන අමාතය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

එමෙන්ම ගුරු මාරු සඳහා නව මෘදුකාංගයක් එකක් හදුන්වාදෙන බවද ඇමැතිවරයා කියා සිටියා.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ මතුගම ප්‍රදේශයේ පැවැති උත්සවයකදීයී.

අවංකකම, කැපවීම තිබුණද සියල්ල එකවර වෙනස් කළ නොහැකි බවද රාජ්‍ය පාලකයා හා නිලධාරියා අතර සම්බන්ධය, දේශපාලකයා හා නිලධාරියා අතර සම්බන්ධය මොනවගේ විය යුතු ද යන්න පිළිබඳ හොඳින් අධ්‍යයනය කළ යුතු බවද ඇමතිවරයා එහිදී කියා සිටියා.

LEAVE A REPLY