කොස්ටාරිකා රාජ්‍යයෙන් නැව්ගතකරන ලද කන්ටේනරයක තිබී කොකේන් ටොන් 5කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිඛෙනවා. එය එම රාජ්‍යයෙන් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ .

නෙදර්ලන්තයට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ මල් තොගයක සගවා තිබියදී මෙම කොකේන් ප්‍රමාණය සොයාගෙන තිඛෙනවා .

මේ සම්බන්ධයෙන් 46 හැවිරිදි කොස්ටාරිකා ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. මධ්‍යම ඇමරිකානු රටක් වන කොස්ටාරිකා රාජ්‍යය, දකුණු ඇමරිකානු රටවල සිට ඇමරිකාවට සහ යුරෝපයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ප්‍රධාන ගමන් මාර්ගයේ පිහිටා තිඛෙනවා .

LEAVE A REPLY