ඩෙනිස් සුළි කුණාටුවෙන් එක්සත් රාජධානියට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා. සතියක් තුළ කලාපයට බලපෑ දෙවන සුළි කුණාටුව මෙය බව සදහන්.

ඩෙනිස් සුළිකුණාටුවේ බලපෑමෙන් බ්‍රිතාන්‍යයේ, ස්කොට්ලන්තයේ හා වේල්සයේ ප්‍රදේශ රැසක ජල ගැලීම් හටගෙන තිඛෙනවා .මේ සමග ස්ථාන කිහිපයක නායයෑම්ද සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ .

මහාමාර්ග හා දුම්රිය මාර්ග රැසක්ද ගංවතුරට හසුවී ඇති අතර මේ හේතුවෙන් ප්‍රවාහන සේවා අඩාලවී ඇති බව සඳහන්. අයහපත් කාලගුණයෙන් ගුවන් ගමන්වලටත් බාධා මතුවී තිඛෙනවා .

මේ අතර දකුණුදිග වේල්සයට තවදුරටත් මහ වැසි අපේක්ෂා කරන බව කාලගුණ බලධාරීන් පවසනවා. මේ හේතුවෙන් තවත් ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇතැයි සඳහන්.

විපතට පත් ප්‍රදේශවල සහන සේවා කටයුතු සඳහා හමුදා සාමාජිකයන් යොදවා ඇති අතර එක්සත් රාජධානියට සතියක් තුළ බලපෑ දෙවන සුළි කුණාටුව මෙය වීම විශේෂත්වයක් .

පසුගිය දිනවලදී බලපෑ කියාරා සුළි කුණාටුවෙන්ද කලාපයේ ප්‍රවාහන සේවාවන් දැඩිලෙස අඩාලවූ අතර විදුලිය බිඳවැටීමෙනුත් පුද්ගලයන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටියා .

LEAVE A REPLY