මැවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානගාර ගත කර සිටින 29 දෙනෙකු මාර්තු 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.
මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතායි මෙම නියෝගය ලබා දුන්නේ.

මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුදුපිලිමවලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ මාවනැල්ල පොලීසිය එක්ව කළ විමර්ශන අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා.

LEAVE A REPLY