20/20 ක්‍රිකට් තරග අංශය සඳහා ලෝක මට්ටමෙන් තවත් තරගාවලියක් පැවැත්වීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ දැනට පැවැත්වෙන 20/20 ලෝක කුසලානයට අමතරවයි.

20/20 චැම්පියන්ස් කප් ලෙස හැඳින්වෙන මෙම තරගාවලිය පිළිබඳ යෝජනාව මුල්වරට ඉදිරිපත් වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවති ICC පූර්ණ සාමාජිකයන්ගේ රැස්වීමේදීයි.

මීට අදාලව ඒ ඒ රටවල යෝජනා ලබන මාර්තු 15 වැනිදා දක්වා කැඳවා ඇති අතර ඉන්පසු මෙම තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයට එළඹෙනු ඇති.

20/20 චැම්පියන්ස් කප් තරගාවලිය ස්ථීර වුවහොත් එහි පළමු තරගාවලිය 2024 වසරේදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන 10 සිටින කණ්ඩායම් සුදුසුකම් ලබන අතර තරගාවලිය තරග 48 කින් සමන්විත වේ. එය 2019 වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලිය පැවති ආකාරයෙන්ම පැවැත්වෙනු ඇති.

LEAVE A REPLY