රට තුළ කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඛෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට රජය පියවර ගෙන තිඛෙනවා.
සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි එහි මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ.

ඒ අනුව නිෂ්පාදන නිසි පරිදි මිලදී ගෙන සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් සකස් කර ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් විධිමත්ව ඛෙදාහැරිය හැකි බවයි බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ.
ඒවා විවිධ මිල ගණන් යටතේ සකස් කර ජනතාවට ලබා දිය හැකි බවත් එම ක්‍රියාදාමය මෙහෙයවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ද සහය ලබා ගත හැකි බවත් එහිදී සදහන් කර තිඛෙනවා.

මීට අමතරව ඖෂධ මිලදීගන්නා රෝගීන්ට අදාළ ඛෙහෙත් වට්ටේරු ප්‍රාදේශීය ලේකම්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ආරක්ෂක අංශ ද දායක කර ගනිමින්නිවසටම ගෙනවිත් දීමටද තීරණය කර තිඛෙනවා.
වෙළෙඳ සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට දායක වන අයුරින් වාණිජ බැංකු විවෘතව තැබීමට පියවර ගන්නා ලෙස ද, ඒවායේ ප්‍රධානීන්ට දැනුම් දී ඇති බව සදහන්.

මේ අතර ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් ද දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර තිඛෙනවා.පාරිභෝගිකයින්ගේ ඉල්ලීමට අනුව නිවෙස් වෙතම ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි එම සමාගම් සදහන් කළේ.

මීට අමතරව සතොස සහ පික් මී ආයතනය සමග එක්ව අත්‍යවශ්‍ය භාණ්ඩ ඛෙදාහැරීමේ වැඩපිළිවෙලක් ඊයේ කොළඹ නගරය ආශ්‍රිතව ආරම්භ කළා.
අද දිනයේ සිට එම වැඩපිළිවෙල සෙසු ප්‍රදේශවලද ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද කොළඹ මැනිං වෙළඳපොලේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිඛෙනවා.
අදාල වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කොළඹ මැනිං පොදු වෙළඳ සමිතියේ සභාපති රනිල් හෙට්ටිගේ මහතා පැවසුවේ අද දිනයේ සිට සුපුරුදු පරිදි තොග වෙළදාම් කටයුතු සිදු කරන බවයි.

LEAVE A REPLY