ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා පුද්ගලයින් 2908 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය නිවේදනය කළා.

ඇදිරි නීතිය ක්‍රියාත්මක කල පසුගිය සිකුරාදා පස්වරු 6 සිට මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිඛෙනවා.
එමෙන්ම අදාළ කාලය තුළ අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 748 ක් බවයි පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

ඊයේ දහවල් 12.00 සිට පස්වරු 6.00 අතර කාලය දක්වා පමණක් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 111 දෙනෙකු බවත් , වාහන 19 ක් අත්අඩංගුවට ගත් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ

LEAVE A REPLY