ගත වු පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

23 වන දින වනවිට මෙරටින් වාර්තා වූ කොරොනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 102ක්. එදින පමණක් කොරෝනා වෛරස අසාධිතයින් 05දෙනෙකු වාර්තාවුණා.

මේ වන විට කොරෝනා වෛරසය බවට සැකපිට පුද්ගලයින් 229 දෙනෙකු මෙරට රෝහල් 19ක ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ අතර විදේශිකයින් 06 දෙනෙකුද වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර පුද්ගලයින් 97 දෙනෙකු අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර පුද්ගලයින් 27 දෙනෙකු වැලිකන්ද මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කළුතර නාගොඩ රෝහලේ පුද්ගලයින් 12දෙනෙකු ද හම්බන්තොට මුලික රෝහලේ පුද්ගලයින් 11 දෙනෙකුද , කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුද්ගලයින් 10 දෙනෙකු ද ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙරටින් කොරෝනා වෛරසය අසාදනය වු පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

LEAVE A REPLY