මෙරට නිරෝධායන ක්‍රියාවලියට යොමු වී සිටි පිරිස අතරින් තුන්වන කණ්ඩායම අද සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව තිඛෙනවා.

ඊට පුද්ගලයින් 163 දෙනෙකු අයත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

ඔමෙන්ම තවත් පුද්ගලයින් 3086 ක් නිරෝධායන මධ්‍යස්ථාන 46කදී නිරෝධායනයට ලක්වන බවද යුධ හමුදාපතිවරයා සදහන් කළා.

මීට පෙර නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 311 දෙනෙකු එම මධ්‍යස්ථාන වලින් පිටව ගිය අතර ඊයේ දිනයේදී ද පුද්ගලයින් 144 දෙනෙකු එම මධ්‍යස්ථාන වලින් පිටව ගියා.

මේ අතර දින 14 ක් නිරෝධායනය වී නිවෙස් බලා ගිය පුද්ගලයින්ද , සුව වී නිවෙස් බලා ගිය පුද්ගලයින්ද තවත් සති 02ක් පමණ ප්‍රවේශමෙන් කටයුතු කල යුතු බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ.

මේ අතර මෙරට දක්නට ලැඛෙන යහපත් ප්‍රවණතාවක් පිළිබඳ ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කරුණු පැහැදිලි කළා.

LEAVE A REPLY