කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු පළාත් සදහා පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6 ට ඉවත් කෙරුණා.

ඒ අනුව එම ප්‍රදේශ සදහා අද මධ්‍යහන 12 සිට යළි ඇඳිරි නීතිය බලාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ඇඳිරි නීතිය ඉවත් කලද ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

මේ අතර ඇඳිරි නීතිය ඉවත් කලද එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට ගමන් කිරීම තහනම් වන බව පොලිසිය අවධාරණය කරනවා.

එසේ යාමට අවසර ලබා දී ඇත්තේ තෝරාගත් පිරිසකට පමණක් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

ඇඳිරි නීතිය ඉවත් කල කාල සීමාවේදී එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට ගමන් කිරීමෙන් ඇති විය හැකි අවදානම පිළිබදවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස පැහැදිලි කළා.

මේ අතර පුත්තලම සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක සදහා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට පෙරවරු 06 ට ඉවත් කෙරෙනවා. නැවත එදිනම මධ්‍යහන 12 යළි ඇඳිරි නීතිය පැනවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

එසේම කොළඹ,ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක සදහා පනවා ඇති ඇදිරි නීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.

LEAVE A REPLY