රජයේ සහ සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් ජනතාව විසින් වගකීමෙන් පිළිපදින ආකාරයක් දක්නට නොලැඛෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

තමන් විසින් දුටු සිද්ධි කිහිපයක් උදාහරණයට ගනිමින් ඇය මේ බව පැහැදිලි කළා.

මෙම රෝගය පැතිරීම වැලක්වීමට නම් ජනතාව අනුගනය කළ යුත්තේ ක්‍රියාමාර්ග දෙකක් පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකාවෙන් මේ වනවිට නව කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 ක් වනවා.

මේ අනුව 99 දෙනෙකු තවදුරටත් අයි ඩී එච් ඇතුලු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව තිදෙනෙක්.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ 229 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි.

LEAVE A REPLY