ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ ගත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

වගකිවයුතු රජයක් ලෙස ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන ඇති ඇතැම් තීන්දු පිළිබඳව සාවද්‍ය තොරතුරු සමාජ ජාල ඔස්සේ ප්‍රචාරණය වීම හේතුවෙන් මෙම තීරණයට එළැඹ ඇති බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

පක්ෂ පාට භේදයකින් තොරව සමස්ත රට වැසියාම අනතුරට මුහුණ පා ඇති මෙවන් අවස්ථාවක සාවද්‍ය තොරතුරු සමාජගත කරමින් රජයේ උත්සාහය හෑල්ලුවට ලක් කරනවා වෙනුවට රජයේ මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහාය ලබා දෙන්නයි රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

LEAVE A REPLY