නව කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්වීම සඳහා කෝටි 130ක ජනගහනයකින් යුත් ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වූ ඉන්දියාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දින 21කට වසා දම තිඛෙනවා .

මේ අතර නිව්යෝර්ක් ආණ්ඩුකාරවරයා පවසන්නේ, අධිවේගී දුම්රියක් තරම් වේගයෙන් වෛරසය ප්‍රාන්තය පුරා ව්‍යාප්තවෙමින් පවතින බවයි.

එමෙන්ම බ්‍රිතාන්‍ය යේ කිරුළ හිමි චාල්ස් කුමරුන්ටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා ඊයේ පැසුවා .

චීනයෙන් ආරම්භ ලොව පුරා රටවල් 195ක ව්‍යාප්තව වී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් අද වනවිට සිදුව ඇති සමස්ත මරණ ගණන 21,185ක් .

ඒ ලෝක ජනගහණයෙන් හාරලක්ෂ 68,577 කට වැඩිදෙනෙකු ආසාදනය වී ඇති පසුබිමකයි.
උද්ගතව ඇති තත්ත්වය සලකා ලොව දෙවැනි වැඩිම ජනගහණයක් ඇති රාජ්‍යය වන ඉන්දියාව මුළුමනින්ම වසාදැමීමට අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කළා .

ඒ ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයින් 562දෙනෙකු හදුනාගෙන මරණ 11ක් පමණක් සිදුව ඇති පසුබිමකයි.
වෛරස ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇති ඉතාලියෙන් ඊයේ දිනයේදී මරණ 743ක් වාර්තා වූයේ සමස්ථ මරණ ගණන 7,503ක් දක්වා ඉහළ දමමින්.

එය වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් වාර්තාවු මරණ ගණනට සාපේක්ෂව දෙගුණය ද ඉක්මවායාමව යාමක් .

මේ අතර ඉතාලියේ නගර කිහිපයක නගරාධිපතිවරුන්ද ජනතාවට නිවෙස් තුළ රැදී සිටින ලෙස අවධාරණය කරන වීඩියෝ කිහිපයක් මාධ්‍යට නිකුත්වී තිඛෙනවා .

ඔවුන් එහිදී අවධාරණය කළේ ජනතාවගේ නොසැලකිල්ල සහ රජයේ උපදෙස් පිළිනොපැදීම හේතුවෙන් රට තවතවත් අගාධය වෙත යොමුවන බවයි.

මේ අතර යුරෝපා කලාපයට ස්පාඤ්ඤයෙන් ද ගතවූ දිනයේදී පමණක් මරණ 680ක් වාර්තා වුණි.
එරටින් හදුනාගත් සමස්ත මරණ ගණන3,647 ක්. ආසාදිතයින් ගණන 49,515ඉක්මවා ගොස් තිඛෙනවා .

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස් තත්වය දැන් ලොවපුරා පැතිරගොස් අවසන් .ඒ රටවල් 197ටම අසාදනය වීමත් සමගයි .

LEAVE A REPLY