කොරෝනා අවදානම හමුවේ රට සම්පූර්ණයෙන් වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සම්පූර්ණයෙන් වසා දැමීමක් හෙවත් ලොක් ඩවුන් කිරීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන ප්‍රචාරයන් අසත්‍ය බවයි.

ඔහු මේ බව කියා සිටියේ කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීයී.

එම ව්‍යාජ ප්‍රවෘත්තිය පලකළ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරීක්‍ෂණයක්ද ක්‍රියාත්මක බවයි අජිත් රෝහණ මහතා පැවැසුවේ.

LEAVE A REPLY