නව කොරෝනා වෛරසය වැළදී  සිටි තවත් රෝගියෙක් ඉන් සම්පුර්ණ සුවය ලබා අද දිනයේ රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 159 දෙනා අතරින් 25නෙකු පුර්ණ සුවය ලබා නිවෙස් නිරෝධායනය වෙත යොමු වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

ඒ අනුව කොවිඩ් 19 වෛරසය වැළදුනු රෝගීන් 129 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

වෛරසය ආසාදිත බවට සැක සහිත පුද්ගලයින් 273 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවද සදහන්.

පුද්ගලයින් පස්දෙනෙකු වෛරසය වැළදීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර නව ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට මිලියනය ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 60000 ඉක්මවා තිබෙනවා.

ආසාදිතයින් සංඛ්‍යාව 11 ලක්ෂ 30,547 ලෙස සටහන් වන අතර ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව දක්වෙන්නේ  60,123 ක් ලෙසයි.

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ වූ පුද්ගලයින් සංඛ්‍යාව 234,069 ක් වනවා.

LEAVE A REPLY