පාකිස්තානයේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පාකිස්තානය වෙනුවෙන් පළමු පෙළ තරඟවලට සහභාගි වූ සෆාර් සර්ෆ්‍රාස් මෙලෙස මිය ගොස් ඇත්තේ 50 වන වියේ පසුවනවිටදීයි .

වමත් මැදපෙළ පිතිකරුවෙකු වූ ඔහු පේශාවර් කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරඟ වලට සහභාගි වී ඇති අතර,ඔහු පාකිස්තාන ජාතික කණ්ඩායමේ ක්‍රීඩක අක්තාර් සර්ෆ්‍රාස්ගේ සොහොයුරා ද වනවා.

කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම නිසා පේශාවර් නුවර පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටි ඔහු පසුගිය දින 3 ගත කර ඇත්තේ වෙන්ටිලේටර් යන්ත්‍රයක ආධාරයෙන්.

LEAVE A REPLY