අති දැවැන්ත වූ කී‍්‍රඩාංගනයක් ශී‍්‍ර ලංකාවට අවශ්‍යදැයි විමසා හිටපු කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ දැනට පවතින කී‍්‍රඩාංගවල පවා ප‍්‍රමාණවත් පරිදි තරඟ පැවැත්වීමට කටයුතු නොකරන බවයි. ජාත්‍යන්තර, දේශීය සහ පළමුපෙළ තරග ප‍්‍රමාණවත් පරිදි නොපැවැත්වෙන වාතාවරණයක් තුළ ශී‍්‍ර ලංකාවට තවත් කී‍්‍රඩාංගනයක් කුමටදැයි මහේල ජයවර්ධන විමසනවා.

ඔහු මෙම විමසීම සිදුකර ඇත්තේ ආසන 60,000 න් සමන්විත අති දැවැන්ත කී‍්‍රඩාංගනයක් හෝමාගම ප‍්‍රදේශයේ ඉදිකරන බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශය්ක සිදුකිරීමත් සමගයි. අක්කර 26 ක් පුරා ඉදිවන මෙම කී‍්‍රඩාංගන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇමති බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ එම අදහස් දැක්වීමයි මේ.

LEAVE A REPLY