කොරෝනා ආසාදිත ගැබිණි මව්වරුන් නිරෝගී දරුවන් සියයක් බිහිකළ බව ඉන්දියාව අද ප්‍රකාශ කළා. ඉන්දියාවේ මුම්බායි නුවර රෝහලකින් මෙම දරු උපත් වාර්තා වී තිබෙනවා. එම රෝහලේ දරු උපත් 115 ක් ම සිදුකර ඇත්තේ කොරෝනා ආසාධිත මව්වරුන් විසින්.

ඒ අතරින් තිදෙනෙකුට පමණක් උපතේදීම කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණු බව පරීක්ෂණවලින් තහවුරු වී ඇති අතර, ඔවුන් මේ වනවිට සුවය ලබා ඇතැයිද ඉන්දීය වාර්තා පැවැසුවා. පිරිමි දරුවන් 56 දෙනෙකු හා ගැහැණු දරුවන් 59 දෙනෙකු මෙලෙස උපත ලබා ඇතැයිද එම වාර්තාවල දැක්වුණා.

LEAVE A REPLY