පාකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපල ආසන්නයට ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. එහි ගමන් ගත් 107 කු ජීවිත්ක්‍ෂයට පත්ව ඇති බව එරට ඇතැම් වාර්තා පෙන්වා දෙන අතර, තවත් වාර්තාවල දැක්වෙන්නේ අනතුර සිදුවන අවස්ථාවේ 90 කු යානයේ සිට ඇති බවයි.

කෙසේ වෙතත් එරට රජයේ වාර්තා පවසන්නේ යානය මුළුමනින්ම විනාශ වී ඇති බවයි. එමෙන්ම එහි ගමන් ගත් කිසිවෙකු ජීවත් වේ යැයි උපකල්පනය කළ නොහැකි බවද එමා වාර්තාවල දැක්වෙනවා. අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

LEAVE A REPLY