හෝමාගම ප්‍රදේශයේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ යොජනාව වහාම අත්හිටුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, හිටපු සහ වත්මන් ක්‍රිකට් නායකයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් ඇතුළු පිරිසක් සමග ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි එම තීරණය ප්‍රකාශයට පත් කළේ.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයන් වන රොෂාන් මහානාම, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාරද වත්මන් විස්සයි-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංගද මෙම සාකච්ඡාවට සහභාගි වී තිබුණා. ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙතරම් විශාල මුදලක් වැය කරමින් ජාත්‍යන්තර මට්ටමේ තවත් ක්‍රීඩාංගනයක් ඉදිකිරීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි. ඒ වෙනුවට පවතින ක්‍රීඩාංගන දියුණු කිරීමට පියවර ගත යුතු බවද ඔවුන් පෙන්වා දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

LEAVE A REPLY