අද රාත්‍රී 08 සිට එළඹෙන 26 වන අගහරුවදා දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම කාල සීමාව තුළ දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900 ක් පමණ යෙදවෙන බවයි.

එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවලයට ඇඳිරි නීතිය අඛණ්ඩව කි‍්‍රයාත්මක වන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.

 

LEAVE A REPLY