ඊයේ රාත්‍රී 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් නවදෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් තිඛෙනවා .

කෙසේවෙතත් ගෙවුණු දින 22 ක කාලය තුළ බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ .
ඊයේ හඳුනාගත් ආසාදිතයන් 27 දෙනා අතුරින් 11 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්.

තවත් 15 දෙනෙකු ඩුබායි සිට මෙරටට පැමිණ පිළිමතලාව ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටි පිරිසක් වන අතර ඊයේ හඳුනාගත් අනෙක් ආසාදිතයා කුවේට්හි සිට මෙරටට පැමිණ අයෙක්.

මේ අතර තවත් ආසාදිතයන් 16 දෙනකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 620 දක්වා ඉහළ යනු ඇති .

මේ වන විට පුද්ගලයින් 439 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවද සදහන් .

මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් තිඛෙනවා.

ඒ අනුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් පුද්ගලයින් 283ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමටයි නාවික හමුදාව පියවර ගෙන ඇත්තේ.

LEAVE A REPLY