අද උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා .

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 660 ක් දක්වා ඉහළ ගොස්  තිබෙනවා .

කොවිඩ් 19 ආසාදිතයන් 13 දෙදෙනකු හඳුනාගැනිමත් සමග මේ වන විට වාර්තා වන මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගියා .

ඊයේ හඳුනාගත් ආසාදිතයන් 13 දෙනා අතුරින් 11 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්.

ඉතිරි දෙදෙනා කුවේට් සහ මලයාසියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි පුද්ගලයින්.

LEAVE A REPLY