කොරෝනා වසංගත රෝග තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා අද දහවල් ඩකා නුවර බලා ගුවන් යානයක් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව අද දහවල් 12.24 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ගුවන් යානය යළි රාත්‍රී 7.45 ට , මෙම මගීන් පිරිස ද රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතයි.

LEAVE A REPLY