පාකිස්ථානයේ කරච්චි නුවරදී අනතුරට පත්වූ එයාර්බස් 320 ගුවන් යානයේ ගමන් කළ මගීන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනිමට හැකිවූ බවට එරට සහන සේවකයින් සඳහන් කර තිබෙනවා.

මෙලෙස දිවි බේරා ගැනීමට සමත්ව ඇත්තේ පන්ජාබ් බැංකුවේ සභාපතිවරයා වන සෆාර් මසුඞ් සහ මුහම්මද් සුබේර් යන පුද්ගලයින් බවයි පාකිස්ථාන මාධ්‍ය සඳහන් කලේ.

මෙම ගුවන් යානය අනතුරට ලක්ව ඇත්තේ කාර්මික දෝෂයක් හේතුවෙන් බවයි සිදුකළ මුලික විමර්ෂණයේදී හෙළිව ඇත්තේ.

පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කරන්නේ, අනතුරට පත්වූ යානයේ ගුවන් මගීන් 91 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 08 දෙනෙකු සිට ඇති බවයි.

ඒ අනුව අනතුරෙන් පුද්ගලයින් 97 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

යානය අවස්ථා තුනකදී කරච්චි හි පිහිටි ජින්නා ගුවන් තොටුපලට ගොඩබෑමට උත්සහ දරා ඇති බවත් අවසානයේදී ජනාකීර්ණ නිවාස සංකීර්ණයක් මතට ඇද වැටී ඇති බවත් සඳහන්.

LEAVE A REPLY