කුඩා දරුවකුට දින පහකට වඩා වැඩි කාලයක් තද උණක් පවතින්නේ නම් සහ දිව රත්පැහැ වී ස්ට්‍රෝබෙරි ගෙඩියක් සේ දිස්වන්නේනම් එය ‘කවසකි’ රෝග ලක්ෂණයක් විය හැකි යැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

කොවිඞ් වෛරසය පැතිර යාමෙන් පසු කවසකි රෝගය මතුවිය හැකි බැවින් කොවිඞ් වෛරසය පැතිර ගිය ප්‍රදේශවල දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසයි විශේෂඥ වෛද්‍යවරයා මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මෙය ස්වයං ප්‍රතිශක්තීකරණ රෝගයක් බැවින් එය දරුවාගේ හෘදයට බලපෑම් ඇති කළ හැකියි.

ඒ පිළිබඳව වඩාත් වැඩි අවධානයක් යොමුකර වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවා යොමු කරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටිනවා.

කවසකි රෝගය වැලඳුණ බවට සැක දරුවන් කීපදෙනකුටම ළමා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාදී මේ වන විට එම දරුවන් සායනික ප්‍රතිකාර ලබා ගන්නා බවයි වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ.

LEAVE A REPLY