හෙට සහ 25 වන සඳුදා දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඒ අනුව, කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල අද රාත්‍රී අටේ සිට බලාත්මක වන ඇදිරි නීතිය මැයි 26 අඟහරුවාදා උදෑසන 5ට ලිහිල් කෙරෙනු ඇති.

මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රි අටේ සිට අලූයම පහ දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිලිවෙල අද දිනයේත් ක්‍රියාත්මකයි.

එළඹෙන අඟහරුවාදා සිට පෙර පරිදි ඉදිරියට ගෙන යන බවද ි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY