ඊයේ රාත්‍රී 08 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

ඒ අනුව එළඹෙන 26 වන අගහරුවදා උදෑසන 05.00 දක්වා ඇඳිරි නීතිය බලාත්මක වනු ඇති.
එහිදී මෙම කාලය තුළ ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි්‍රයාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම කාල සීමාව තුළ දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900 ක් පමණ යෙදවෙන බවයි.

මේ අතර මැයි 26 වන අගහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එමෙන්ම මැයි 26 අගහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැඛෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

LEAVE A REPLY