කොවිඩ් 19 මර්දනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යහපත් මට්ටමක පවතින බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.

වී එෆ් එම් ප්‍රවෘත්ති සමග දුරකථන සංවාදයකට එක්වෙමින් වෛද්‍යවරයා කියා සිටියේ පසුගිය සති තුනක කාලයක පුරාවට සමාජයෙන් කොරෝනා වෛරස ආසාදිතයෙකු වාර්තා වූ නොමැති බවයි.

කෙසේ වෙතත් නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කර තවදුරටත් කටයුතු කිරීමෙන් රෝගයෙන් ආරක්ෂා වීමට හැකි බව ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දුන්නා.

LEAVE A REPLY