බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක හෙට පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර, දිස්ත්‍රික්ක 4කට පැනවූ නායයාමේ අනතුරු ඇගවීම අද පස්වරු 2.30 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව, රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මෙම අවදානම බලපැවැත්වෙනු ඇති.

LEAVE A REPLY