ඊයේ රාත්‍රිය වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා .

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1089 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඊයේ දින කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා .

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 660 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සදහන් .

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 420 ක් බවයි.

මේ වන විට කොවිඩ් 19 ආසාදිතව මෙරට තුල පුද්ගලයින් 9දෙනෙකු මිය ගොස් තිඛෙනවා .

LEAVE A REPLY