නව සඳ දැකීම හේතුවෙන් ශ්‍රි ලංකීක මුස්ලිම් ජනකතාව අද දිනයේ දී රාමසාන් උත්වය සමරන බව කොළඹ මුස්ලිම් පල්ලිය නිවේදනය කර තිඛෙනවා .

මුස්ලිම් වරුන්ගේ රාමසාන් මාසය යනු අල් කුරානයේ සඳහන් කර ඇති දේව වදන යන්න ඔවුන්ගේ විශ්වාසයයි .
මිනිස් සංහතිය සඳහා මගපෙන්වීමක්, ම පෙන්වීම පිළිබඳ පැහැදිලි සාක්ෂි සහ නිර්ණායකය වන්නේ ඔබ කවුරුන් වුවත්, ඔහුට මාසයයක කාලයක් නිරාහාරව සිටීමට ඉඩ දෙන්න යනුවෙනුයි .

හිජ්රා දෙවන වසරේ ක්‍රි.ව. 624 දී මුස්ලිම්වරුන් ප්‍රථම වරට නිරාහාරව සිටියද, නිරාහාරව සිටීම ඇත්ත වශයෙන්ම දේවවාදයේ නවෝත්පාදනයක් නොවන බව ඔවුන්ගේ විශ්වාසයි .

මේ සියල්ලක්ම පාදක කරගනිමින් රාමදාන් මාසයේ පළමු හා අවසාන දිනයන් තීරණය කරනු ලබන්නේ චන්ද්‍ර ඉස්ලාමීය දින දර්ශනයට අනුවයි .

මේ අතර ලොව පුරා කුසගින්නෙන් පීඩා විදින ජනයා කෙරෙහි පරිත්‍යාගශීලී වීමට මෙන්ම සිත දමනය කර ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමටත් රාමසාන් උත්සවය මහගු අවස්ථාවක් ලෙස සැලකිය හැකි බව ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

රාමසාන් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම පෙර නොවූ විරූ ආකාරයේ අර්බුදයකට සමස්ත ලෝකවාසීන් මුහුණ දී සිටින මෙවන් වකවානුවක සහනශීලි වටපිටාවක් නිර්මාණය කර ගත හැකිවන්නේ අන්‍යයන් කෙරෙහි සංවේදී වීමෙන් සහ ආත්ම දමනයෙන් බව රාමසාන් සමය සමාජයට දෙන පණිවිඩයක් බව ද ජනාධිපතිවරයා නිකුත් කර ඇති රාමසාන් දින පණිවුඩයේ සඳහන්.

LEAVE A REPLY