Expect to see more forehead thermometers in workplaces and airports as a way to screen people for fever that could be a sign of COVID-19.

සියලු පාසල්වලට ශරීර උෂ්ණත්වය මැනීමේ උපකරණ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිඛෙනවා .

විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ, මීට අමතරව පාසලේ සිසුන් සංඛ්‍යාව අනුව අත සේදීම සදහා පාදයෙන් ක්‍රියාත්මක කළහැකි කරාමය සහිත බේසම් මෙන්ම ගිලන් ඇදක් ලබාදීමට පියවර ගන්නා බවයි.

ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 630 ක් බව සදහන් .

පාසල් යළි විවෘත කිරීමට පෙර සෑම පාසලකටම මෙම උපකරණ ලබාදෙන බව ඔහු පැවසුවා .

අමාත්‍යවරයා සඳහන් කළේ, සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරිම සදහා හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

ඒ අනුව සිසුන් සඳහා මුව ආවරණ ලබාදීමට ද සැලසුම් කර ඇති බව ඔහු පවසා තිඛෙනවා .

LEAVE A REPLY